මෙරට ටියුෂන් වෙළෙඳපොළේ අති දැවැත් ආදායම හෙළිවෙයි

Spread the love

මෙරට උපකාරක පංතිවල වාර්ෂික සමස්ත වෙළදපොළ වටිනාකම රුපියල් බිලියන 200 ඉක්මවා ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

ඔහු අවධාරණය කළේ මේ තත්ත්වය සහ තවත් හේතු කිහිපයක් හේතුවෙන් උපකාරක පංති සඳහා වහාම නියාමනයක් අවශ්‍ය බවයි.

මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා මෙසේ ද පැවසුවේය, ‘රටෙහි සමස්ත පාසල් පද්ධතියම යටපත් කරමින් උපකාරක පංති සාස්කෘතිය ඉස්මතු වෙමින් තිබෙනවා. 03,04,05 සහ 10,11 ශ්‍රේණි මෙන්ම 12 හා 13 ශ්‍රේණි වල දරුවන් අනිවාරයෙන්ම උපකාරක පන්තිවලට සහභාගි වෙනවා. මෙම දැවැන්ත වෙළෙදපොළ හේතුවෙන් නුසුදුසු සහ නියමිත අධ්‍යාපන සුදුසුකම් නොමැති පුද්ගලයන් පවා උපකාරක පංතිවල ඉගැන්වීම් කටයුතු සිදුකනවා. මෙය තත්වය බරපතළ තත්වයක් බව කියන්න අවශ්‍ය නැහැ වගේම මෙම තත්ත්වය දරුවන්ට අහිතකර ලෙස බලපානවා. මේ සියලු කරුණු අනුව උපකාරක පංති සදහා වහාම විධිමත් නියාමනයක් අවශ්‍යයි‘

Related Posts