මෙරටදී පළමුවරට සයදරු උපතක්
- Editor
- October 21, 2021
- Photo Stories, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
මෙරට ප්‍රථම සය නිවුන් දරු උපත ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී සිදු විය.

මෙම දරු උපත සිසේරියන් සැත්කමක් ලෙසින් සිදු කර ඇත.
මහාචාර්ය ටිරාන් ඩයස් මහතා පැවසූ පරිදි මෙලෙස උපත ලබා ඇත්තේ ගැහැනු දරුවන් තිදෙනෙකු සහ පිරිමි දරුවන් තිදෙනෙකි. ඔවුන්ගේ මව්පියන් කොළඹ අයිඩීඒච් ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
තිස් එක් හැවිරිදි මව සහ දරුවන් සයදෙනා ම මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවේ.

