මිල්ලනිය විදුහල්පතිනිය ඇතුළු පිරිසට ඇප

Spread the love

මිල්ලනිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනිය, මිල්ලනිය පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් සැරයන්වරයා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඒ අනුව සැකකරුවන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කොට ඇප මත මුදාහරින ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන්නේ.

මිල්ලනිය ගුංගමුව කනිෂ්ට විද්‍යාලයේ සිසුන්ට වධ හිංසා පැමිණවීමේ සිද්ධියට අදාලව එම විදුහලේ විදුහල්පතිනිය සහ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කර තිබුණා.