මැකො ජනපතිවරණය පවත්වන දිනය හෙළි කරයි

Spread the love

ජනාධිපතිවරණය ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ප්‍රකාශ කළේය.

පෞද්ගලික රූපවාහිනි නාලිකාවක ඊයේ (18) පැවති රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැහැදිළි කළේ තම කොමිසමට නීතියෙන් අවසර දී ඇති පළමු දිනය වූ ජූලි 17 වැනි දිනම මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට හැකියාවක් නොමැති බවය.

ජනාධිපතිවරණ පනතට අනුව මැතිවරණය පැවැත්විය යුත්තේ සැප්තැම්බර් 17 වනදා එනම් පොහොය දිනයක් වන පළමු දිනයයි.

සංස්කෘතික හේතූන් මත පොහොය දිනක කිසිදු මැතිවරණයක් පැවැත්විය නොහැකි බවත් සැප්තැම්බර් 17 පෝයක් වීම නිසා මතුවන ප්‍රවාහන ගැටලු හේතුවෙන් ඊට පසුදා එනම් සැප්තැම්බර් 18 වැනිදා මැතිවරණය පැවැත්වීමට කොමිසමට නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව ඉදිරි සතියේදී නාමයෝජනා දිනය ප්‍රකාශයට පත් කරමින් තම කොමිසම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

 

Related Posts