මාතලේ සංවර්ධනයට බිලියන 2.8 ක් – බැසිල් රාජපක්ෂ
- RSL
- August 17, 2011
- Uncategorized
- බැසිල් රාජපක්ෂ
- 0 Comments
ඊයේ (16 අගෝඅ.) පැවති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ඉදිරියේදී ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමේ පියවරක් ලෙස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ බලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වෙත ලබා දෙන බවයි.
ඒ අනුව සුළු වාරිමාර්ග, කුඩා වැව් ප්‍රතිසංස්කරණය, පළාත් සභා පාසැල් හි සනීපාරක්ෂක පහසුකම්, ප්‍රාදේශීය සභා මාර්ග කොන්ක්‍රීට් කිරීම, පෙර පාසැල් ප්‍රතිසංස්කරණ කටයුතු සහ ක්‍රීඩා පිටි ඉදිකිරීම, මාතෘ හා ළමා සායන කටයුතු, ප්‍රජා ජල ව්‍යාපෘති හා විදුලි දීර්ඝ කිරීම වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී එම ව්‍යාපෘති වාර්තා කොළඹ අමාත්‍යංශය වෙත එවා අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය නොවන අතර ප්‍රදේශයේ අවශ්‍යතාව අනුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය මත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ.
ආර්ථීක සංවර්ධන අමාත්‍යංශය මඟින් අද පැවැති රැස්වීමේදී මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 2.8ක් වෙන් කිරීමට ද අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තීරණය කළේය.
මෙම මුදල් වාරි මාර්ග, දිවි නැගුම, කෘෂිකර්මාන්තය සහ සමෘද්ධි ව්‍යාපෘතිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වෙන් කොට ඇත