මහ බැංකු වාර්ෂික වාර්තාව පිළිබඳ විවාදය කල්යයි
- Editor
- July 8, 2021
- ආර්ථික සහ ව්යාපාරික, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ශ්රී ලංකා මහබැංකුවේ 2020 වසර සඳහා වන වාර්ෂික වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට (09) නොපැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රදානත්වයෙන් අද (08) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තිරණය කළේය.
එම විවාදය අගෝස්තු මාසයේ පළමු පාර්ලිමේන්තු සතියේ දිනක පැවැත්වීමටද එහි දී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
කෙසේ නමුත්, හෙට දිනයේ කළින් තීරණය කර තිබූ පරිදි පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්රශ්න නැඟීම සඳහා පාර්ලිමේන්තුව රැස් වෙනු ඇත.

