මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කරයි
- Editor
- October 3, 2024
- ආර්ථික සහ ව්යාපාරික, පුවත් සහ වාර්තා
- Economy
- 0 Comments
2024 සැප්තැම්බර් 11 දින සිට බලපැවැත්වෙන පරිදි මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අවලංගු කරමින් මහ බැංකුව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ අධිපතිවරයා ලෙස පත් කරන ලද අයෙකුට විශ්‍රාම වැටුප් ගෙවීම
2024.09.11 දින සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බවත්, 11.09.2024. දිනට පසු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශ්‍රාම වැටුප් ගෙවීම් සඳහා හිමිකම් නොසලකන බවත්ය.

