මහ කන්නය සඳහා යූරියා බෙදා හැරීම ඇරඹේ
- Editor
- October 13, 2022
- ආර්ථික සහ ව්‍යාපාරික
- 0 Comments
එළැඹෙන මහ කන්නයේ දී වී වගා කර සති දෙකකට පසුව පළමු පොහොර යෙදුම සඳහා අවශ්‍ය යූරියා පොහොර බෙදා හැරීම මේ වනවිට ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව ගොවි සංවිධාන විසින් කළ ඉල්ලීම් පරිදි මෙම යූරියා පෙහොර තොග ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යැවීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
සැප්තැම්බර් 29 වනදා සිට ඔක්තෝම්බර් 10 වනදා දක්වා කාලය තුළ රජයේ පොහොර සමාගම් දෙක දිවයින පුරා බෙදාහැර ඇති ඇති යූරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 22,981 ක් බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

