මහ කන්නයට අවශ්‍ය යූරියා සහ බණ්ඩි පොහොර නියමිත වෙලාවට ලබාදෙනවා
- Editor
- October 15, 2022
- ආර්ථික සහ ව්‍යාපාරික
- 0 Comments
මෙට්‍රික් ටොන් 12,500 ක පොහොර නැවක් දිවයින ළඟාවීමට නියමිත බැවින් මහ කන්නයට අවශ්‍ය යූරියා සහ බණ්ඩි පොහොර නියමිත වෙලාවට ලබාදීමට හැකියාව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඒ අනුව පසුගිය වරට වඩා මෙවර පොහොර ලබා දීමට හැකි වනු ඇති බවද, හෙක්ටයාරයක් සඳහා පොහොර කිලෝ 170 ක් මෙවර ලබාදීමට බලාපොරොතු වන බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.
මෙවර පොහොර ටෙන්ඩරය අභියාචනා කමිටුව මඟින්ද අනුමත කර ඇති බවද, වෙනත් කව්රුන් හෝ නිවැරදි ක්‍රමවේද යෝජනා කරන්නේ නම් ඊටද අවස්ථාව දීමට සූදානම් බවද ඔහු වැඩිදුරටත් පවසනවා.

