මධ්‍යම පළාත් ගොවීන් අතර මිලියන 200ක කෘෂි උපකරණ බෙදා දෙයි

Spread the love

ධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ලද කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන්වල ප්‍රතිලාභ ගොවි මහතුන් වෙත ලබාදීමේ වැඩසටහනක්    මාතලේනාලන්ද කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථාන  පරිශ්‍රයේදී පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගියදා  සිදු කෙරිණ.

මෙම වැඩසටහනේදී රුපියල් මිලියන 200කට අධික ප්‍රතිලාභ ‍ප්‍රමාණයක් බෙදා දීම සිදු කරන ලද අතර එහිදී,  ට්‍රැක්ටර්, විදුලි පඹයන්, ජල පොම්ප, කොම්පෝස්ට් පෙරීම් යන්ත්‍ර ඇතුළු කෘෂිකර්මාන්තය සදහා අවශ්‍ය වන උපකරණ ලබාදීම හා නව අර්තාපල් හා මිරිස් වගා ප්‍රවර්ධනය වෙනුවෙන් බීජ බෙදා දීමක් ද  සිදු විය.

මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කර සිටියේ,  නිරෝගී මතු පරපුරක් වෙනුවෙන් අභියෝග මධ්‍යයේ වූවත්  ජනාධිපතිතුමාගේ සංකල්පයක් වන කාබනික පොහොර ව්‍යාපෘතිය ජයගත යුතු ව පවතින බවයි.

අතීතයේ අන් රටවලට ද ආදර්ශයක් ලෙස පැවති අප රටේ කෘෂිකර්මාන්තය අද විදේශයන්ගේ රසායනික පොහොර මත යැපෙන තත්ත්වයකට පත් ව ඇති බවත්, වර්තමානයේ සමාජයේ බහුතරයක් මුහුණ දෙනු ලබන බෝ නොවන රෝග වලින් අනාගත පරපුර ආරක්ෂා කර ගැනීමේ එකම විකල්පය කාබනික පොහොර වැඩසටහන ඔස්සේ හරිත කෘෂිකර්මයක් ගොඩනැංවීම බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

Related Posts