මං ගාව හොර සල්ලි නෑ – ඔප්පු කරන්න සූදානම්

Spread the love

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අද දිනයේ (01) තමාගෙන් ප්‍රකාශයක් ලබා නොගත් බවත් වෙනත් දිනයක් ලබා දෙන බව ඔවුන් දැනුම් දුන් බවත් පියුමි හංසමාලි පැවසුවාය.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ ඉන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත ඇය මේ බව සඳහන් කළාය.

තමන් සියලු මුදල් උපයන්නේ රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවියෙන් බවත් තමාට වෙනත් කිසිදු ව්‍යාපාරයක් නොමැති බවත් ඒ බව තහවුරු කිරීමට අවශ්‍ය බැංකු ප‍්‍රකාශන ඇතුළු ලදුපත් 25,000ක් සමග නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි බව ද ඇය පැවසුවාය.

‘‘මම ඊළඟට මිලට ගන්නේ පුද්ගලික ජෙට් යානාවක්‘ ඇය වැඩිදුරටත් පැවසුවාය.

Related Posts