භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා අදාළ කාල සීමාව ලිහිල් කිරීම
- Editor
- September 10, 2024
- ආර්ථික සහ ව්යාපාරික
- Economy
- 0 Comments
සාර්ව ආර්ථික වර්ධනයන්, විශේෂයෙන්ම දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තත්ත්වයන්හි වර්ධනයන් සැලකිල්ලට ගෙන, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත මඟින් භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමට අදාළ කාල සීමාව සැලකිය යුතු ලෙස ලිහිල් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “2024 අංක 01 දරන අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති” නිකුත් කරන ලද අතර එය 2024.07.01 දිනැති අංක 2391/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇත.

