Tanu Weds Manu හි Kangana Ranaut සහ R Madhavan ප්‍රධාන චරිත නිරූපණය කරන අතර එය හින්දි සිනමාවේ වඩාත්ම ආදරය කරන ලද රොමෑන්ටික ප්‍රහසනයකි (most loved rom-com franchises in Hindi cinema).
Tanu Weds Manu පළමු චිත්‍රපටය 2011 දී තිරගත වූ අතර එය ක්ෂණික ජනප්‍රිය විය. Tanu Weds Manu දෙවන දිගහැරුම 2015 දී පැමිණි අතර එය ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු සුන් නොකළ ද බොක්ස් ඔෆිස් හි අසාර්ථක විය. එහි තෙවැනි කොටස එනතුරු රසිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටි අතර වසර නවයකට පසු Tanu Weds Manu හි අධ්‍යක්ෂක Anand L Rai රසිකයින් සමඟ සුබ ආරංචියක් බෙදාගෙන ඇත.
News 18 හි Showsha සමඟ සංවාදයකදී Anad හෙළි කළේ තමා ‘අනිවාර්යයෙන්ම’ මෙම චිත්‍රපට මාලාව ඉදිරියට ගෙන යාමට සැලසුම් ඇති බවයි.
‘Tanu Weds Manu යනු තුන්වන කොටස ඉල්ලා සිටින රොමෑන්ටික ප්‍රහසනයක්. ඒ චරිත හරිම ලස්සනයි… මාධවන් සහ කන්ගනා එහි හරිම ලස්සනට රඟපෑවා. ඒ චරිත කතාවට වඩා ටිකක් ලොකු වුණා‘ පසු Tanu Weds Manu හි අධ්‍යක්ෂක Anand L Rai පැවසුවේය.
‘Tanu Weds Manu චිත්‍රපටයේ තෙවැනි කොටස කිරීමට මුලදී අදහසක් නොතිබූ බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අනාවරණය කළේය. ”Tanu Weds Manu Returns සමඟින් අපි Datto කියන අලුත් චරිතයක් හඳුන්වා දුන්නා. මේ චරිත ඔක්කොම තුන්වැනි කොටස ඉල්ලනවා. අපට විශිෂ්ට කතාවක් තිබෙනවා. අපි ඒ සඳහා යමු, ”ඔහු තවදුරටත් පැවසීය.
ඔහු Tanu Weds Manu 3 සොයන්නේ කුමන ආකාරයේ කතාන්දරයක් ගැන කතා කරමින්, ඔහු වැඩිදුරටත් මෙසේ පැවසුවේ ය.
”ඇත්තටම මම සොයන්නේ අද්විතීය පිරිමි-ගැහැණු සම්බන්ධයක්. Tanu Weds Manu හි ගතිකත්වය Raanjhanaa ට වඩා වෙනස් එකක් වුණා. Raanjhanaa Atrangi Re ට වඩා වෙනස් වූවා සේම, Atrangi Re Haseen Dillruba ට වඩා බෙහෙවින් වෙනස්. අධ්‍යක්ෂකවරයෙකු සහ නිෂ්පාදකවරයෙකු ලෙස සෑම අවස්ථාවකදීම අලුත් ආදර කතාවක් ගවේෂණය කිරීමේ අවශ්‍යතාවය මට දැනෙනවා. මම යම් ආකාරයක තීව්‍රතාවයක් සොයනවා. Tanu Weds Manu චිත්‍රපටයේ මම බොන සහ දුම්පානය කරන ගැහැණු ළමයෙකු පෙන්වූ අතර අධ්‍යක්ෂකවරයෙකු ලෙස මම ඇයව විනිශ්චය කළේ නැහැ. ඒ නිසා මගේ ප්‍රේක්ෂකයින් ඇයව විනිශ්චය කළේ නැහැ‘ ඔහු වැඩි දුරටත් පැවසුවේය.
indiantvnews.com ඇසුරිණි – සකස් කළේ – මධූ වික්‍රමසිංහ