බොරතෙල් ලබාගැනීමට ණය පහසුකමක් ලබාදීමට රුසියාව එකඟවෙයි
- Editor
- October 20, 2022
- ආර්ථික සහ ව්‍යාපාරික
- 0 Comments
රුසියාවෙන් බොරතෙල් මිලට ගැනීම සඳහා රුසියානු බලධාරීන් හා ශ්‍රී ලංකා නියෝජිතයින් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ අනුව රුසියානු රජයේ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්, වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගීවී තිබෙනවා.
මෙම සාකච්ඡාවේදී මෙරට ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස බොරතෙල් ලබාගැනීම සඳහා වාණිජ ණය පහසුකමක් ලබාදීමට රුසියාව එකඟතාව පළකර ඇති බවයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ සඳහන් කළේ.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් රුසියානු ජනාධිපතිවරයාට බොරතෙල් කොපමණ අවශ්‍යද යන්න සඳහන් කර ලිපියක් යොමු කළ යුතු බවත් එසේ ලබාදෙන ණය මුදල නැවත මාස 3 ක් හෝ 6 ක් තුළ රුසියාව වෙත පියවිය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

