බෙංගාල බොක්කේ සුළි කුණාටුවක් ! ශ්‍රී ලංකාවට ප්‍රබල බලපෑම්

Spread the love

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (16) දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද නවතම කාලගුණ අනාවැකිය.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය එම ප්‍රදේශයේදීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර එය අද දිනයේදීම දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය තුලදී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනයවෙමින් වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

එහි බලපෑම හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්ම නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තව දුරටත් බලාපොරොත්තුවේ. ඇතැම් ස්ථාන වලට මි.මී.150 ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැක.

දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක.

දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථාන වලට 150mm ඉක්මවූ තද වැසිද ඇති විය හැක.

සෙසු පළාත් වල විශේෂයෙන් ඌව සහ නැගෙනහිර පළාත් වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදීවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මුහුදු ප්‍රදේශ ආශ්‍රිත කාලගුණ අනාවැකිය

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය එම ප්‍රදේශයේදීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර එය අද දිනයේදීම දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය තුලදී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.ධීවර හා නාවුක කටයුතු වල යෙදෙන්නන් මේ සම්බන්දයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ   අවධානයෙන් කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
වැසි තත්ත්වය:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම්සහිතවැසි ඇති වේ.පොතුවිල් සිට ත්‍රිකුණාමලය හරහා මුලතිව් දක්වාවනමුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවල තද වැසිද ඇතිවිය හැක.
සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත සිට බස්නාහිරදක්වා වන දිශා වලින් හමයි. සුළගේ වේගය පැ.කි.මී. (40-45) පමණ වේ. කොළඹ   සිට ගාල්ලසහ හම්බන්තොට හරහාපොතුවිල් දක්වා වනමුහුදු ප්‍රදේශවල සුළගේ වේගයවිටින් විට පැ.කි.මී. (55-60) දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශතරමක් රළුවිය හැකි අතර කොළඹ   සිට ගාල්ලසහ හම්බන්තොට හරහා   පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විටරළු සිට ඉතා රළුවේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව   ඉතා රළු විය හැක.ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
Tags: