‘බුර්කාවට’ මුවා වී සමාජ මාධ්‍ය යළි දේශපාලන වෛරය පතුරුවයි
- RSL
- February 10, 2020
- උණුසුම් පුවත්
- social media
- 0 Comments
සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල පරිශීලකයන් අතර සැලකිය යුතු ප්‍රමාණයක් ‘බුර්කාව’ සම්බන්ධ කරගනිමින් වෛරී ප්‍රකාශන හුවමාරු කරගැනීමේ ප්‍රවනතාවයක් ඇතිවී ඇත.
මෙම අවස්තාව ප්‍රයෝජනයට අරගනිමින් යම් කණ්ඩායම් විසින් තම වාසිය උදෙසා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉලක්ක කරමින් කටයුතු කරන බවක් සමාජ මාධ්‍ය අඩවි තුල විශේෂයෙන්ම ෆේස්බුක් වෙබ් අඩවිය තුල නිරීක්ෂණය කිරීමට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවිය.
පටු දේශපාලන වාසි තකා ඉස්මතුවන මෙවැනි වෛරී ප්‍රකාශන හා අන්තර්ගතයන් සමාජ මාධ්‍ය අඩවි වල හුවමාරු කරගැනීමට යාමෙන් වලකින ලෙස අප සංගමය ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයන්ට දැනුම් දෙමු.

