බිලියන 7 දරුවා ශ්‍රී ලංකාවෙන්
- RSL
- November 1, 2011
- Uncategorized
- 0 Comments
ලෝක ජනගහනය බිලියන 7 ක් බවට පත් වීම සැමරීම වෙනුවෙන් වූ විශේෂ උත්සවයක් ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කාසල් වීදියේ කාන්තා රෝහලේදී ඊයේ (31 ඔක්.) පැවැත්විණි.
එහිදී කෝටි 700 වැනි දරුවා ලෙස උපන් කැලණිය ප්‍රදේශයේ පදිංචි දිනුෂිකා පෙරේරා මහත්මියගේ සිඟිති දියණිය ජනාධිපති ආර්යාව විසින් සුරතල් කරන අයුරු ඡායාරූපයේ දැක්වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත සුබිනේ නන්දි මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.