බිත්තර මිල අඩු කිරීමට නව ක්‍රමවේදයක්

Spread the love

බිත්තර මිල සම්පූර්ණයෙන්ම කුකුල් කෑම මත තීරණය වන බවත් කුකුල් කෑම සඳහා යොදා ගන්නා බඩ ඉරිගු ලබන කන්යේ ආනයනයේදී රුපියල් 125 -130 වැනි මුදලකට කිලෝවක් මිල දී ගත හැකි  ක්‍රමවේදයක් සකස් කරන බවත් ඉඩම්, කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එම්.වික්‍රමසිංහ මහතා පැවසීය.

වෙළඳපොළේ බිත්තර තොග මිල ඉහළ ගොස් තිබෙන අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලේකම්වරයා ප්‍රකාශ කළේ කුකුල් කෑම මිල ඉහළ යාම මේ සඳහා බලපා ඇති බවයි. ඊයේ(06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා මෙසේ පැවසීය, “බිත්තර මිල සම්පූර්ණයෙන්ම තීරණය වන්නේ කුකුල් කෑම මතයි. කුකුල් කෑම වලින් 80%ක් සම්පාදනය කරන්නේ බඩ ඉරිඟුවලින්. බඩ ඉරිගු අඩු මිලට සැපයීම තමයි කරන්න ඕනේ. අපේ රටේ  බඩ ඉරිගු අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 06ක් වුණත්, නිෂ්පාදනය කරන්නේ ලක්ෂ 03ක් පමණයි. තවත් ලක්ෂ 03ක්ම ආනයනය කරන්න ‍ සිදු වෙනවා. ඉදිරියේදී, මෙය සමතුලිත කරලා ස්ථාවර මිලක තබා ගන්න උත්සාහ කරනවා. දිනකට  බිත්තර 50,000ට වැඩිය  නිෂ්පාදනය කරන  ආයතන  කිහිපයක් තිබෙනවා. ඊට අමතරව 5000 සිට 50,000 දක්වා නිෂ්පාදනය කර ආයතන සහ ඊට අඩුවෙන් බිත්තර නිෂ්පාදය කරන ආයතන තිබෙනවා. මෙම ඇතැම් ආයතනවලට සෘජුව බඩ ඉරිඟු ආනයනය කර ගැනීමට තරම් මූල්‍ය ශක්තියක් නැහැ. මහා පරිමාණයෙන් බඩ ඉරිඟු ආනයනය කරන ආයතනවලට තවත් වැඩිපුර කෝටාවක්ලබා දී, කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදන ආයතනවලට ලබා දීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවා.”

Related Posts