බිත්තර මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට දෙනවාද – නැද්ද ? අධිකාරියට ප්‍රශ්නයක්
- Editor
- September 26, 2024
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
වෙළෙඳපොළෙහි බිත්තර මිල අඩුවීමට සාපේක්ෂව බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදන මිල ගණන් ද අඩුවිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති තුසිත ඉන්ද්‍රජිත් පවසයි.
පසුගිය කාලය තුළ වෙළෙඳපොළේ ඉහළ මිලකට අලෙවි වූ බිත්තරයක මිල මේ වන විට රුපියල් 28ත් 35ත් අතර මිලක් ගන්නා බව පෙන්වා දුන් සභාපතිවරයා ඒ අනුව එම වාසිය පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට පියවර ගත යුතු බව අවධාරණය කළේය.

