බැඳුම්කර හොරුන්ට දඬුවම් දීම සිදුනොවන්නක් – මහින්ද
- RSL
- February 1, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- Mahinda Rajapaksa
- 0 Comments
බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට ආණ්‌ඩුව ගන්නා ක්‍රියාමාර්ග නාඩගමක් වී ඇතැයිද ජනතාව මහත් උනන්දුවෙන් මේ නාඩගම් බලාසිටින බවද හිටපු ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (31 වැනිදා) පැවැසීය.
කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
වත්මන් ජනාධිපතිවරයා විහිළු කතා කියන්න දක්‍ෂයෙක්. ඒ වගේම ඔහු ඉඳහිට ත්‍රාසජනක කතාත් කියනවා. එතුමා මෙහෙම කියන කතා ගැන අපි පුදුම වියයුතු නැහැ. බැඳුම්කර වංචාවේ උදවියට කරන දඬුවම් හරියටම නාඩගමක් වගේ. අපි ජනතාව සමඟ මේ නාඩගම දිහා බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා.

