බැඳුම්කර විවාදයට මාත් එනවා-හිටපු ජනපති
- RSL
- February 4, 2018
- ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- 0 Comments
මහ බැංකු බැඳුම්කර ජනාධිපති විමර්ශන වාර්තාව සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට තමා සහභාගී වීමට අපේක්ෂා කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අදාළ විවාදය පැවැත්වෙන දින ගණන දීර්ඝ කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන බවයි.
මාතලේ ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

