බ්ලේක් හා සංක්‍රමණික දෙමළ ජනතාව අතර හමුවක්
- RSL
- August 31, 2011
- Uncategorized
- දරුස්‌මාන් වාර්තාව
- 0 Comments
දරුස්‌මාන් වාර්තාව සම්බන්ධයෙන් ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් සහ ද්‍රවිඩ සංක්‍රමණික ජනතාව අතර පැවැති රහස් සාකච්ඡාවක් පැවති බවට වාර්තා වේ.
පසුගිය සඳුදා (29 අගෝ.) බ්ලේක් මෙරටට පැමිණීමට නියමිත වූවත් අයිරින් කුණාටුව නිසා එම සංචාරය නතර වුනි.
මෙම සංචාරයට පෙර ද්‍රවිඩ සංක්‍රමණික ජනතාව ඇමතූ බ්ලේක් එක්‌සත් ජාතීන්ගේ මහලේකම් දරුස්‌මාන් වාර්තාව ගැන ක්‍රියා නොකරන්නේ නම් තමා එය එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට හෝ මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ වෙත යොමු කරන බවට ප්‍රතිඥා දී ඇත. මෙහිදී ද්‍රවිඩ සංක්‍රමණික ජනතා නියෝජිතයෝ බ්ලේක් වෙත කරුණු දක්‌වමින් සිංහල හමුදා උතුරේ හමුදා කඳවුරු ස්‌ථානගත කරන අතර සිංහලයන් පදිංචිකරලීමට ක්‍රියා කරන බවටත් පැමිණිලි කර ඇත.
මෙයට ප්‍රතිචාර දැක් වූ බ්ලේක් තමා ඒ ගැන සොයා බලන බවටද පොරොන්දු වී ඇත.