බ්‍රිතාන්‍යය මහ මැතිවරණය: කම්කරු පක්ෂයට අතිවිශිෂ්ට ජයක්

Spread the love

එක්සත් රාජධානියේ මහ මැතිවරණයෙන් එරට කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබේ. ඒ අනුව කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරා මෙහෙයවූ ශ්‍රීමත් කියර් ස්ටාර්මර් නව අග්‍රාමාත්‍යවරයා බවට වනු ඇත.

මේවන විට කම්කරු පක්ෂය පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 650 න් 400 කට වඩා දිනාගෙන ඇති අතර මෙතෙක් බලයේ සිටි අග්‍රාමාත්‍ය රිෂි සුනක්ගේ නායකත්වයෙන් යුත් කොන්සර්වේටිව් පක්ෂයට හිමිකර ගැනීමට හැකිව ඇත්තේ ආසන 110කට වැඩි සංඛ්‍යාවක් පමණි.

වසර 14ක් පුරා කම්කරු පක්ෂයට එරට පාලන බලය ලබා ගැනීමට නොහැකි විය. ඒ අනුව වසර හතරකට පෙර ශ්‍රීමත් කියර් දැඩි වාමාංශික දේශපාලනඥයෙකු වූ ජෙරමි කෝබින් වෙනුවට කම්කරු පක්ෂයේ නායකයා ලෙස පත් කෙරුණු අතර ජයග්‍රහණය කරා ගෙන යාමේ අරමුණින් පක්ෂය නැවත දේශපාලන ගමන් මගේ මධ්‍යස්ථ ස්ථානයක් වෙත ගෙන ඒමට ඔහු විසින් කටයුතු කරනු ලැබීය.

Related Posts