පොහොට්ටු මහ ලේකම් ‘උදයංගගේ‘ සායම අරී – පෙපාහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැනත් කියයි

Spread the love

රුසියාවේ හිටපු  ශ්‍රී ලංකා ලංකා තානාපති උදයංග වීරතුංග මහතා  ශ‍්‍රී ලංකා ලංකා පොදු ජන පෙරමුණට කිසිදු සම්බන්ධයක් නැතැයි ද, එම නිසා ඔහු පක්ෂය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ වල කිසිදු වැදගත්කමක් නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අවධාරණය කරයි.

‘ඉදිරි ජනාධිපතිවරණයේ පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා බවත් අග්‍රාමාත්‍ය අපේක්ෂකයා නාමල් රාජපක්ෂ බවත්‘ කියමින් උදයංග වීරතුංග මහතා කළ ප්‍රකාශයක් ගැන මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු වශයෙන් කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කළේය.

මේ වනතෙක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තම ජනාධිපති අපේක්ෂකයා තීරණය කර නැති බවත්, අනිවාර්යෙන්ම එම අපේක්ෂකයා පොදු ජන පෙරමුණේ ‘පොහොට්ටුව‘ ලකුණ යටතේ තරග කරනු ඇති බව ද කාරියවසම් මහතා මෙහිදී කියා සිටියේය.

Related Posts