පියුමි හංසමාලිගේ ‘බාල රූපලාවන්‍ය‘ නිෂ්පාදන ගැන පැමිණිලි පිට පැමිණිලි

Spread the love

රූපලාවන්‍ය නිෂ්පාදනවල ප්‍රමිතියෙන් තොර තත්ත්වය සම්බන්ධයෙන් මෑත කාලීන වර්ධනයත් සමඟ වසර ගණනාවක් තිස්සේ රූපලාවන්‍ය නිෂ්පාදන නියාමනය නොකිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් දැඩි විවේචනයට ලක්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් පැවසීය.

නිරූපිකාවක් වන පියුමි හංසමාලි විසින් අලෙවි කරනු ලබන රූපලාවන්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් රහස් පොලිසිය කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම තත්ත්වය වඩාත් උග්‍ර වී ඇති බවයි එම නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ පවසන්නේ සම පැහැපත් කිරීමේ ක්‍රීම් සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන් මෑත කාලයේ පැමිණිලි රාශියක් ලැබී ඇති බවයි.

මේ හා සම්බන්ධ වෙනත් තොරතුරු මූලාශ්‍රවලට අනුව, රූපලාවණ්‍ය නිෂ්පාදන නියාමනය කිරීම සඳහා 2015 වසරේ සිට නීතිමය රාමුවක් හෝ නිශ්චිත පනතක් නොමැති වීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) දැඩිව විවේචනය කර ඇත. ලියාපදිංචි නොකළ නිෂ්පාදන වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට මෙම තත්ත්වය විශාල බාධාවක් වී ඇති බව ද  අදාළ ආරංචි මාර්ග පවසයි.

ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය නිෂ්පාදන වෙළෙඳ පොළේ බහුලව ව්‍යාප්ත වීම නිසා ඒවා භාවිත කරන පාරිභෝගිකයන්ගේ ආරක්‍ෂාව අනතුරේ වැටී ඇති බව ද සෞඛ්‍ය බලධාරීන් විසින් පෙන්වා දී ඇත.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පනතේ වැඩ නවත්වන ලෙස NMRA වෙත උපදෙස් දී ඇති බවයි.

රූපලාවණ්‍ය නිෂ්පාදන පනත කෙටුම්පත් කිරීමේදී සැලකිය යුතු ප්‍රමාදයක් සිදුවී ඇති අතර එය පාරිභෝගිකයින්ගේ දැඩි සැකයට තුඩු දී ඇත. ඔවුන් පවසන්නේ කිසියම් පාර්ශ්වයක වුවමනාව මත අදාළ බලධාරීන් හිතාමතාම මෙම පනත කෙටුම්පත් කිරීම පමා කරන බවයි.

 

Related Posts