ඖෂධ සඳහා පාලන මිලක් පැනවීමේ තීරණයට ඖෂධ සමාගම් අකමැත්ත පළ කර තිබේ.
සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සිරිසේන පැවසුවේ, ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දි ඒ පිළිබඳ පැවති සාකච්ඡාවකදී එම සමාගම් ඊට අකමැත්ත පළ කළ බවයි.
එවැනි පාලන මිලක් පැනවුව හොත් ඖෂධ හිගයක් මෙන්ම මිල ගණන්වල ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව ඖෂධ සමාගම් පෙන්වා දි තිබේ.
කෙසේ වෙතත් මිල පාලනය පිළිබද නිෂ්චිත තීන්දුවක් ඉදිරියේදි ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය අමාත්‍ය මෙමත්රිපාල සිරිසේන එහිදි ප්‍රකාශ කර තිබේ.
අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ, ඖෂධ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීම පිළිබඳ එම සාකච්ඡාවේදි අදහස් පළ වු බවයි.
- Thursday
- March 13th, 2025