පාන් මිල සම්බන්ධයෙන් හෙට දිනයේ තීරණයක් ගන්නවා
- Editor
- October 30, 2022
- ආර්ථික සහ ව්‍යාපාරික
- 0 Comments
පාන් මිල සම්බන්ධයෙන් හෙට (31) සිට පාරිභෝගිකයන්ට සහනයක් ලබා දිය හැකි වනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන සඳහන් කළේ, ආනයනික තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 250ක් දක්වා අඩුවී ඇද්දැයි හෙට දිනයේ තහවුරු කර ගැනීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.
මේ අතර තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 250 දක්වා අඩුවී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න සඳහන් කළා.

