ප්‍රමිතියෙන් තොර වෛද්‍ය උපකරණ අනුමත කලේ කවුද?

Spread the love

සේලයින් දෙන්න කටුව ගැහුවාම අත ඉදිමෙනවාලු. එය රෝහලේ වරදක් නොව කටුව හැදූ සමාගමේ වරදක්ලු. රෝගින් මැසිවිලි නගති
නිසි ප්‍රමිතියෙන් තොර සේලයින් කටු රෝහල වෙනුවෙන් අනුමත කල අය රොගින් පත්වන අපහාසුතාවය පිළිබඳ වගකීම බාරගන්න වාද?

මීගමුව රජයේ රෝහලේ 4 වාට්‌ටුවේ නේවාසික රෝගීන්ට සේලයින් දීමට කටුව ගැසූ පසු එම ස්‌ථානයේ අසාමාන්‍ය ඉදිමීමක්‌ සිදුවී ඇති රෝගීන් කීපදෙනකු හමුවී ඇතැයි වාර්තා වේ.

අසනීප තත්ත්වයක්‌ මත නේවාසික ප්‍රතිකාර ලබාගත් අවස්‌ථාවේ තම දරුවාටද එම තත්ත්වයට මුහුණදීමට සිදුවූ බව රෝගියකුගේ පියාවන අංක 24 ගණේමුල්ල පාර පදිංචි ජී. ඒ. වසන්ත මහතා පැවැසූ බව වාර්තා වේ.

“මගේ දරුවා උණ හැදිලා මීගමුව රෝහලේ 4 වාට්‌ටුවේ ප්‍රතිකාර ගත්තා. මුත්‍රාවලට විෂබීජයක්‌ ගිහිල්ලා තව දවස්‌ කීපයක්‌ රෝහලේ ඉන්න කොට සේලයින් දුන්නා. එයාගේ අත ඉදිමිලා තිබුණා. මම ගිහිල්ලා වාට්‌ටුවේ ප්‍රධානියකුට දැනුම් දුන්නා. ඔහු කිව්වා මේක රෝහලේ වරදක්‌ නොවේ කටුව නිෂ්පාදනය කරන සමාගමේ වරදක්‌ කියලා. මේ සම්බන්ධව එම සමාගමට දැනුම්දීම විතරයි කරන්න පුළුවන් කියලා කිව්වා. එම වාට්‌ටුවේ ප්‍රතිකාර ලබාගත් හිමිනමකටද මීගමුව ඇත්ගාල පදිංචි ඩේවිට්‌ නමැත්තාටද මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිදුවුණා.

තවත් පස්‌ දෙනකුට පමණ මෙම සිද්ධියට මුහුණ දෙන්න වුණා. සමහර අයගේ සේලයින් කටුව ගසන ස්‌ථානය ඉදිමී ඔපරේෂන් කරලාත් තිබුණා. රෝගීන් බෙහෙත් ගන්න යන්නේ එක ලෙඩකට එයාලට තවත් ලෙඩක්‌ හැදිලා තමයි නවතින්නේ. ඒක නිසා රෝහලේ බලධාරීන් මේ සම්බන්ධව සොයා බැලිය යුතුයි යනුවෙන් පැවැසීය.

මේ සම්බන්ධව ප්‍රකාශයක්‌ ලබාගැනීමට මීගමුව රෝහලට දුරකථනයෙන් ඇමතුවද වගකිවයුතු කෙනෙක්‌ නොමැති හෙයින් ප්‍රකාශයක්‌ ලබාදීමට නොහැකි බව වාට්‌ටු අංක හතරේ ප්‍රකාශිකාවක්‌ පැවැසූ බවද වාර්තා වේ.

RSL

Related Posts