ප්‍රමිතියෙන් තොර තවත් ලිට්රෝ ගෑස් නැවක් ගොඩබෑම අත්හිටුවයි
- Editor
- December 15, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ජයට අයත් ලිට්රෝ සමාගම විසින් ආනයනය කළ තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3200 ක් සහිත නෞකාවක ගෑස් ද ප්‍රමිතියෙන් තොර වීම නිසා එම ගෑස් තොගය ගොඩබෑමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්හිටුවා තිබේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සිදුකළ පරීක්ෂාවකදී එම ගෑස්වල ‘එතිල් මකැප්ටන්’ නැමැති රසායනික ද්‍රව්‍ය ප්‍රමිතියේ සඳහන් ප්‍රමාණයට වඩා අඩුබව හදුනා ගෙන තිබිම මීට හේතුවයි.
මේ සමග ලිට්රෝ සමාගම විසින් ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 6000ක් රැගත් නෞකා දෙකක් ප්‍රමිතියෙන් තොරවීම නිසා ගොඩබෑමට නොහැකිව තිබේ.
මේ සමග රට පුරා යළිත් උග්‍ර ගෑස් හිගයක් ඇතිවිය හැකි බවට බිය පළ වී තිබේ.

