ප්‍රබල ඉල්ලීමට Lockdoun හකුලා ගත් ‘පිළියන්දල දැල්තර’ PCR කළ 268/147 කට කොවිඩ් !
- Editor
- May 5, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට අයත් දැල්තර නැගෙනහිර ග්‍රාම සේවා වසමේ කහපොල වත්ත ප්‍රදේශයේ පසුගිය 30 වැනිදා අහඹු ලෙස සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ 268කින් කොවිඩ් ආසාදිතයින් 147 දෙනකු වාර්තා වී තිබෙනවා. සිදුකළ පී.සීආර් පරීක්ෂණවලින් 55%ක් වැනි ආසාදිතයින් පිරිසක් හමුවීම තුළ මෙම සිදුවීම බරපතළ තත්ත්වයක් බවයි සෞඛ්‍ය අංශ කියන්නේ.
පිළියන්දල පොලිස් වසයම හුදකලා කිරීමට ගත් තීරණය ‘ප්‍රබල දේශපාලන මැදිහත්වීමක් “ මත හකුලා ගැනීමට එදිනම කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පියවර ගත්තා. අදාළ ඉල්ලීම කළේ කම්කරු ඇමැති ගාමිණි ලොකුගේ විසින් බවයි වාර්තා වුණේ.
මේ අතර කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයෙන් දින 16 කදී කොවිඩ් ආසාදිතයන් 400ක් වාර්තා වී ඇති බවත් තවත් පී.සී.ආර් පරීක්ෂණ 354ක ප්‍රතිඵල ලැබීමට නියමිත බවත් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වාර්තා කියනවා.

