පළාත් පාලන ආයතන 25ක් සඳහා ඡන්ද විමසීම ඔක්තෝම්බර් 8 වෙනිදා

Spread the love

පළාත් පාලන ආයතන 25ක් සඳහා නාම යෝජනා භාර ගැනීම අද (25 අගෝ.) දහවල් 12න් පසුව අවසන් විය.

ඡන්ද විමසීම ඔක්තෝම්බර් 8 වෙනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.

මේ අතර කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිධූරය සඳහා ප්‍රධාන පක්ෂ 3 ක අපේක්ෂකයන්ගේ නම් පසුගියදා ප්‍රසිද්ධියට පත් කරන ලදි.

මීට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මිලින්ද මොරගොඩ මහතා, එක්සත් ජාතික පක්ෂයෙන් මුස්සාමිල් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණෙන් සුනිල් වටවල මහතා තරඟ වදියි.