පකිස්ථාන ජයග්‍රහණයේ බලාපොරොත්තු සුන්වන ලකුණු
- RSL
- October 22, 2011
- Uncategorized
- 0 Comments
එක්.අ. එමීර් රාජ්‍යයේදී ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරඟයේදී අවසන් දිනයේ අවසන් පන්දුවාර 40 ක්‍රියාත්මක වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානුවන්ගේ ජයග්‍රහණයේ බලපොරොත්තු බිඳ දැමීමට සමත්වී ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම තම ප්‍රථම ඉනිමේදී ලකුණු 197 කට සීමාවූ අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානය සිය පළමු ඉනිමට කඩුලු 6 කට ලකුණු 511 ක් ලබා ගත්තේය.
දෙවන ඉනිමේදී ලකුණු 314 ක් පිටුපසින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 430 ක් ලබ ගෙන සිටී. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරන කුමර් සංගක්කර ලකුණු 208 ක් සහ ප්‍රසන්න ජයවර්ධන ලකුණු 109 ක ලබා ගෙන නොදැවී ක්‍රීඩා කරමින් සිටි.