නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය සඳුදා සිට යළි ජාතික පද්ධතියට
- RSL
- August 25, 2022
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අක්‍රියව පැවැති නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය ලබන සඳුදා (29) වන විට ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමට හැකි වනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ අනුව එහි නඩත්තු කටයුතු සඳුදා දිනය වන විට අවසන් කිරීමට හැකි වනු ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනී සඳහන් කළේ.
පසුගිය 15 වනදා නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය හදිසි බිඳවැටීමකට ලක්වූ අතර මේ හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව පැය 03ක් දක්වා ඉහළ දැමීමට සිදු වුණා.

