නුවරඑළිය අල ගොවීන්ට රසායනික පොහොර පින පෑදෙයි
- Editor
- July 15, 2021
- කෘෂිකර්මය, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අල ගොවීන්ට මෙම කන්නයට අවශ්‍ය රසායනික අල පොහොර ටොන් 4600ක් ලබාදීමට පොරොන්දු වී ඇති බව වනජීවී හා වන රක්‍ෂණ අමාත්‍ය අමාත්‍ය සී. බී. රත්නායක මහතා පැවසීය.
අල පොහොර ටොන් 350 ක් ඊයේ දිනයේත් නුවරඑළියට ලැබුණු බවත් අල ගොවීන්ට පොහොර නොමැති වුවහොත් ඔවුන් දැඩි අපහසුතාවට පත්වන බවත් අමාත්‍යවරයා පැවසීය.
”අල ගොවීන් හෙක්ටයාර් 20, 25 ක් වගා කරනවා. කාබනික පොහොර යෙදාගත හොත් ඔවුන්ට කිසිවක් ලැබෙන්නේ නැහැ‘‘
සී.බී. රත්නායක මහතා නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්විය.

