නුවරඑළියේ අර්තාපල්වලට මිලක් දෙන්න ‘අනයනික අලවල බද්ද රු. 50කින් ඉහළට’
- Editor
- April 27, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ආනයනික අර්තාපල් සඳහා අය කරන විශේෂ ආනයනික බද්ද අද (27) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝවකට රුපියල් 50 දක්වා වැඩි කිරීමට රජය තීරණය කළ බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අර්තාපල් අල අස්වැන්න නෙළීම ආරම්භ කර ඇති බැවින් මෙම බදු පැනවූ බවත් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ මොහාන් සමරනායක මහතා ප්රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියයි. නුවරඑළියෙන් මෙවර සුවිශේෂි අස්වැන්නක් බලා පොරොත්තුවන බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.
රජයේ මෙම තීරණය ප්‍රකාශයට පත්වීම සමග සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනකු ප්‍රශ්න කර තිබුණේ නුවරඑළියෙන් ලැබෙන අර්තාපල් අස්වැන්න මුළු රටටම කන්න දීමට ප්‍රමාණවත්ද ? යන්නයි. මේ බදු පැනවීම හරහා ආනයනික අර්තාපල්වලට වඩා දේශීය අර්තාපල් ගිනි ගණන් බවට පත් වන බවට චෝදනා කරන ඔවුහු පෙන්වා දෙන්නේ දැඩිව ඉහළ යන ජීවන වියදම හා ආදායම් අහිමි වීම් හමුවේ දේශීය ගොවීන්ගේ නාමයෙන් සිදුවන ගසා කෑම අශෝබන බවයි.

