නැනො මාස්ක් නව නිපැයුම අගමැතිට පිළිගන්වයි
- Editor
- February 25, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ, විශේෂඥ වෛද්‍ය චමින්ද හේරත් මහත්වරු ඇතුළු කණ්ඩායමක් නිර්මාණය කළ නැනො තාක්ෂණික වයිරස් නාශක මුව ආවරණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ එළිදැක්වීම අද (25) දින පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 01හි දී පැවැත්විණි.
මෙම නැනො වයිරස් නාශක තාක්ෂණික මුව ආවරණය ඒ මත වැටෙන ඕනෑම විෂබීජයක් විනාශවන ආකාරයට නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. ලොව ප්‍රථම වයිරස් නාෂක සහ නැනො අංශු පෙරණ මුව ආවරණය මෙය වේ.
නොබෝදිනකින් මෙම විශේෂිත මුව ආවරණය දේශීය හා විදේශීය වෙළඳ පොලට නිකුත් කිරීමට පර්යේෂක කණ්ඩායම සැළසුම් කර තිබේ.
ඊට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම ඉටු කිරීමට සෞඛ්‍ය අමාත්‍යතුමියට දැනුම් දෙන බව අග්‍රාමාත්‍යතුමා මෙහිදී සඳහන් කළේය.
මෙම නව නිපැයුම සඳහා රාජ්‍ය ඇමතිනි සීතා අරඹේපොළ මහත්මියගේ සහය ලැබී තිබේ.

