නව ව්‍යවසායකයින් බිහි කිරීමට ගත යුතු නිසි මාර්ග හර්ෂ ද සිල්වා කියා දෙයි

Spread the love

නව ව්‍යවසාය අලුතින් ආරම්භ කරන පුද්ගලයින් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ  බංකුවකින් ණයක් ලබා ගැනීම දුෂ්කර වීම බවත් මෙම ගැටලුවට තිරසාර විසුමක් සෙවීමකින් තොරව නව ව්‍යවසායකයින් බිහි කිරීම සිහිනයක් වන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේය.

මේ සම්බන්ධය සිය ස්ථාවරය පැහැදිලි කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මෙසේ ද පැවසුවේය.

“ව්‍යාපාරය අලුතින් ආරම්භ කරන පුද්ගලයින් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ  බංකුවකින් ණයක් ලබා ගැනීමය. බැංකු විසින් ලියකියවිලි ඇතුළු ලිපි ලේඛන විශාල ප්‍රමාණවක් ඉල්ලා සිටීම ව්‍යවසායකයින් මෙහි දී මුහුණ දෙන ප්‍රධාන ගැටලුවයි.

මේ තත්ත්වය හමුවේ ව්‍යවසායකයින්ට අරමුදල් එකතු බැංකුවලට එහා ගිය ක්‍රමයක් රට තුළ නිර්මාණය කළ යුතුය. උදාහරණයක් ලෙස Venture Capital Found ක්‍රමයක් රට තුළ බිහි කළ යුතු වුව ද එවැනි ක්‍රමයක් ලංකාව තුළ ක්‍රියාත්මක නොවේ. Boots Trapping, එසේ නොමැති නම් Frind and Family Funding  ක්‍රම බොහෝ රටවල් වල ක්‍රියාත්මක වුව ද ඒවා ලංකාවට නොපැමිණේ.  එයට හේතුව වන්නේ මේ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය නොවීමය.

මේ තත්ත්වය තුළ නව පරම්පරාවට තරඟකර ජයග්‍රහණය කිරීමට නම් ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළෙඳපොළ මීට වඩා පුුළුල් කිරීමට අප සමත් විය යුතුය. ඒ අනුව ප්‍රාග්ධන වෙළෙඳපොළ පුළුල් කිරීම, ප්‍රාරම්භක ව්‍යවසායකයින්ට අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනැගීම, ඇතුළු ව්‍යවසාය හිතකාමී පරිසරයක් රට තුළ සංවර්ධනය කළ යුතුය.

ආණ්ඩුව සංවර්ධන බංකුවක් ස්ථාපිත කරන බවට ප්‍රකාශයක් කර තිබේ. සංවර්ධන බැංකුවක් බිහිකළ පමණින් රට තුළට සංවර්ධන ප්‍රාග්ධනයක් නොපැමිණෙන බව පාලකයින් වටහා ගත යුතුය.

රජය තේරුම් ගත යුතු කරුණ වන්නේ සංවර්ධන ප්‍රාග්ධනය ලබා ගැනීමට නම් වත්කම් සහ වත්කම් අතර ගැළපීමක් සිදුවිය යුතුය. කෙටි කාලීන ඉතිරි කිරීම් වලින් බැංකුවලට දීර්ඝ කාලීන ණය ලබා දීම් කළ නොහැකිය. ප්‍රාග්ධනය ලබා ගත හැකි මූලාශ්‍ර ගැන ගැඹුරින් විමසා බැලීම කළ යුතු වන්නේ මේ නිසාය.

දිගු කාලීන ණය ලබා දීමට අවශ්‍ය ප්‍රාග්ධනය තිබෙන්නේ කවුරුන් සතුව දැයි මේ අනුව සොයා බැලිය යුතුය. මේ තත්ත්වය තුළ අලුත් අවස්ථා නිර්මාණය කළ යුතුය. දේශපාලන වේදිකාව තුළ ව්‍යවසාය සංවර්ධනය ගැන කතා කිරීමෙන් හෝ අලුතින් ව්‍යවසායන් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටීමෙන් වෙනසක් සිදු නොවේ. මෙම ප්‍රකාශ ඵල රහිත ඒවා වනවා පමණක් නොව යල්පැන ගිය ඒවා ලෙස ද සලකා බැහැර කළ යුතුය.

වත්කම් සහ වගකීම් ගැළපීම තුළින් නව ව්‍යුහයක් නිර්මාණය කර ගැනීමට හැකියාව ඇති රජයකට පමණය Startup වලට සහ නව ව්‍යාපාර වලට අවශ්‍ය දීර්ඝ කාලීන ප්‍රාග්ධනය ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ. ශ්‍රී ලංකාව තුළ  Startup සහ නව ව්‍යාපාර ආරම්භ කිරීමට ඇති විසඳුම මේ පියවර ගැනීම පමණය.

 

Tags: