නව ජනපති තේරීම දින හතක් ඇතුළත
- RSL
- July 15, 2022
- උණුසුම් පුවත්, දේශපාලන
- 0 Comments
නව ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමේ වැඩ කටයුතු සඳහා හෙට පාර්ලිමේන්තුව රැස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
පාර්ලිමේන්තු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ට නිදහසේ තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීම සඳහා, රැස්වීමට සාමකාමී වාතාවරණයක් උදා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කතානායක වරයා කීය.
දින හතක් වැනි කෙටි කාලයක් තුළදී සියලු වගකිව යුත්තන්ගෙන් සහභාගීත්වයෙන් නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ක්‍රියාදාමය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද කතානායකවරයා සඳහන් කළේය.

