නව ක්‍රීඩා පනත 2023 දී

Spread the love

නව ක්‍රීඩා පනත 2023 වසරේ දී එළිදක්වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ අද (10) පැවැති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවකට එක් වෙමිනි. 

අධිකරණ අමාත්‍යංශය නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් සැදුම් ලත් කමිටුවක් මේ පනත සකස් කිරීමට පත් කර ඇත.  විශේෂයෙන්ම එයට ඇතුළත් විය යුතු නිර්ණායක සම්බන්ධයෙන් දේශපාලන අධිකාරියෙන්, ක්‍රීඩා සංගම්වලින් හා ජනමාධ්‍යවේදීන්ගෙන් යෝජනා හා අදහස් ලබා ගැනීමට ද නියමිත බව ද ක්‍රීඩා ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය. 

ක්‍රීඩා ප්‍රතිපත්තිය සහ  පනත එකක් බව පැහැදිලි කළ අමාත්‍යවරයා, රජය විසින් හදුන්වා දෙනු ලබන නව පනත ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරි අනාගත අවස්ථාවන් සැලකිල්ලට ලක්කරමින් වෙන්ස් කළ හැකි එකක්විය යුතු බවද සදහන් කළේය.

විශේෂයෙන්ම මෙම පනත සදහා යම් ක්‍රීඩා සමාජයක ව්‍යවස්ථාවට ඇතුලත්විය යුතු කරුනු පිළිබඳ සැලකිල්ලක් දක්වමින් නිර්මාණය කරනු ලැඛේ.  දැනට පවතින ක්‍රීඩා පනත මෙලෙස සංශෝධනය වෙමින් නව පනතක් හදුන්වා දීම සිදුවන්නේ වසර 50කට පසුව බැවින් නව පනත වසර දෙකක් වැනි කාලයක් ගනිමින් ඇතුලත් කළ යුතු සියලු අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් නිර්මාණය කරනු ලබන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේය.  

RSL

Related Posts