නවසීලන්ත එක්දින පිල නොවැම්බර් මසදී ශ්‍රී ලංකාවට

Spread the love

පන්දුවාර විස්සයි-20 තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන නොවැම්බර් මස 06 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිිතය. සමස්ථ තරග 5 කින් සමන්විත මෙම තරගාවලියේ සියලුම තරග රංගිරි දඹුලු සහ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයන්හිදී පැවැත්වේ.

නොවැම්බර් 09 වැනිදා පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 තරගයෙන් ආරම්භ වන දෙරට අතර තරගාවලිය පළමු එක්දින තරගය පැවැත්වෙන නොවැම්බර් 13 වැනිදා දක්වා වන තරග 3 රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත් අනෙක් තරග දෙක පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙනු ඇත.

නොවැම්බර් මස 20 වැනිදා නවසීලන්ත කණ්ඩායම තරගාවලිය අහවර කොට සිය රට බලා යෑමට නියමිතය.

දිනය තරගය ක්‍රීඩාංගණය
නොවැම්බර් 09 පළමු විස්සයි-20 තරගය රංගිරි දඹුල්ල
නොවැම්බර් 10 දෙවැනි විස්සයි-20 තරගය රංගිරි දඹුල්ල
නොවැම්බර් 13 පළමු එක්දින තරගය රංගිරි දඹුල්ල
නොවැම්බර් 17 දෙවැනි එක්දින තරගය පල්ලේකැලේ
නොවැම්බර් 19 තෙවැනි එක්දින තරගය පල්ලේකැලේ

Related Posts