පෞද්ගලික හේතු මත තමා ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් නොවන බව සඳහන් කරමින් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාට ලිපියක් යොමු කර ඇති අබව ශ්‍රීලපොපො ආරංචි මාර්ග කියයි.
මේ අතර පොහොට්ටුව සල්ලිකාරයින්ට කුලියට දෙන්න බදු දෙන්න හෝ විකුණන්න සුදුසු පක්ෂයක් නොවේ දැයි ද පොහොට්ටුව යනු මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් හදපු පක්ෂයක් බව ද ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (06) පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.