දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 06 ක්
- Editor
- October 29, 2022
- උණුසුම් පුවත්
- 0 Comments
නව දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වනවිට පෙත්සම් 06ක් ඉදිරිපත් කර තිබෙනවා.
මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ සෙසු පුරවැසියන් විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.
යෝජිත නව දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කර තිබෙන බව ඔවුන් පෙත්සම් මඟින් පෙන්වා දී ඇති බවයි සඳහන් වන්නේ.

