දේශබන්දුට පොලිස්පති ධූරයේ කටයුතු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් කරයි

Spread the love

දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඔහු පොලිස්පති ධූරයට පත් කිරීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් අයදුම්පත් නවයේ අවසන් තීරණය දක්වා මෙම නියෝගය බලපැවැත්වේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු යසන්ත කෝදාගොඩ, විනිසුරු අචල වෙංගප්පුලි සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබූහ.

මෙම පෙත්සම් ඉදිරියට කරගෙන යාමට අධිකරණය තවදුරටත් අවසර ලබා දුන්නේය.

 

Related Posts