දේශබන්දුට එරෙහිව දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන අගමැතිගෙන් ‘ආන්දෝලනාත්මක‘ ප්‍රකාශයක්
- Editor
- July 26, 2024
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
දේශබන්දුට පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම තහනම් කිරීමේ නියෝගය නීති විරෝධීයි – අගමැති
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය නීති විරෝධී බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. දේශබන්දු තෙන්නකෝන් මහතා තවමත් පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනවා යැයිද ඔහු පැවසීය.

