දේවානි ජයතිලක පරිසරය සුරැකීමේ සටනට තවත් ශක්තියක් ගනී
- Editor
- March 29, 2021
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියගේ මූලිකත්වයෙන් පසුගිය 27 වැනිදා වෘත්තීය සමිතියක් පිහිටුවා ඇති අතර ඊට වන සංරක්ෂණ, වනජීවී සංරක්ෂණ සහ මධ්‍යම පරිසර අධිකාරිය යන රාජ්‍ය ආයතන තුනෙහි සේවකයින් ඒකාබද්ධව වී ඇත.
“පරිසරය උදෙසා රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුව” නමින් එම නව වෘත්තිය සමිති එකමුතුව නම් කර තිබේ.
නව වෘත්තීය සමිතිය පිහිටුවීමට එක්වූ රාජ්‍ය සේවකයින් අවධාරණය කර ඇත්තේ මෙරට ඉඩම් සම්බන්ධයෙන් රාජ්‍ය ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කර පරිසරය සුරක්ෂිත කිරීම සඳහා සංරක්ෂණය කළ යුතු සහ සංවර්ධනය කළ හැකි ඉඩම් නිසි ලෙස හඳුනාගැනීමට ඒ අනුව කටයුතු කළ යුතු බවයි

