දෙරණේ චතුර අල්විස්ගේ හැසිරීමට GMOA දැඩි අප්‍රසාදය පළ කරයි
- RSL
- April 23, 2020
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
දෙරණ නාළිකාවේ මාධ්‍යෙව්දී චතුර අල්විස් විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපකීර්තියට පත් කිරීමට ගන්නා උත්හාසය හෙළා දකිමින් එම සංගමය විසින් දෙරණ නාළිකාවේ විධායක අධ්යක්ෂවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
එහි සදහන් වන්නේ පසුගිය කාලය තුළ දිගින් දිගටම චතුර අල්විස් විසින් තම සංගමය අපකීර්තියට පත්වන ආකාරයේ විවිධ ප්‍රකාශ කරනු ලැබූ බවයි. විශේෂයෙන් පසුගිය 21 වැනි දින පෙ.ව 6.30ට විකාශනය වන ‘දෙරණ අරුණ‘ වැඩසටහනේදී ඔහු කළ ප්‍රකාශයක් නිසා සිය සංගමයට බලවත් අපකීර්තියක් සිදු වූ බවයි එම මාධ්‍ය නිවේදනය වැඩි දුරටත් සදහන් කරන්නේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දෙරණ විධායක අධ්යක්ෂවරයා වෙත යොමු කළ ලිපිය ජනමාධ්‍ය වෙත ද යොමු කර තිබූ අතර එම ලිපිය සම්පූර්ණයෙන්ම මෙසේයි.


