දූෂිත දේශපාලඥයෝ රට හූරාකන අය ආරක්ෂා කරන්න හමුදාව සහ පොලීසිය බැඳිලා නෑ – ජෙනරාල් සරත් ෆොන්සේකා
- RSL
- August 24, 2011
- Uncategorized
- ජෙනරාල් සරත් ෆොන්සේකා
- 0 Comments
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඊයේ (23 අගෝ.) කොළම පෞද්ගලික රෝහලකට රැගෙන ආවේය.
උරහිසේ මතුව ඇති ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම සරත් ෆොන්සේකා රෝහලට රැගෙන ආවේ ඊයේ පෙරවරුවේදීය.
එහිදී ඔහු මෙසේ පැවසීය.
“දේශපාලකයෝ නිසා හමුදාව සහ පොලීසිය හැප්පෙනවා. හමුදාවට සහ පොලීසියට මං කියන්නේ ඉවසීමෙන් වැඩකරන්න කියලා. හමුදාව සහ පොලීසියේ වගකීම තමයි ජනයා, රට, වයවස්ථාව ආරක්ෂා කරන එක. දූෂිත දේශපාලඥයෝ රට හූරාකන අය ආරක්ෂා කරන්න හමුදාව සහ පොලීසිය බැඳිලා නෑ. ජය වේවා”