දුනිත් වෙල්ලාලගේට විස්සයි-20 වරම්
- Editor
- October 15, 2024
- ක්‍රීඩා, පුවත් සහ වාර්තා
- Sports
- 0 Comments
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී සිය මංගල විස්සයි-20 වරම් දිනා ගැනීමට තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සමත්වී සිටියි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයකට සහ එක්දින තරග 24 කට ක්‍රීඩා කරන ලද වෙල්ලාලගේ ජාත්‍යන්තර පිටියට පිවිසීමෙන් පසු විස්සයි-20 තරග වරම දිනා ගන්නේ වසර දෙකහමාරකට ආසන්න කාලයකට පසුව වීම කැපී පෙනෙයි. එය සංකේතවත් වන කැප් තොප්පිය නායක චරිත් අසලංක විසින් වෙල්ලාලගේට ලබා දුන්නේය.

