දික්කසාද වීමට කැමැති අයට අධිකරණ ඇමැතිගෙන් සුභ පණිවුඩයක්

Spread the love

දික්කසාද නීතිය සම්පූර්ණයෙන් ඉවත් කරනවා : අධිකරණ ඇමති

“දික්කසාද නීතිය සහමුලින්ම ඉවත් කර “වරදක් නැති දික්කසාද / no fault divorce” නමින් නව නීතියක් හඳුන්වා දීමට රජය සැලසුම් කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.

‘වරදක් නැති දික්කසාද’ පනත් කෙටුම්පත මේ වන විට අවසන් කර ඇති බව ද අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

නව පනත් කෙටුම්පත මගින් දික්කසාද නඩු සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයකින් තොරව තීන්දුවක් ලබා දීමට අධිකරණයට බලය පැවරෙන බව අමාත්‍යවරයා පැවසීය.

නව අන්‍යෝන්‍ය පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ විදේශීය විනිශ්චයන් බලාත්මක කිරීමේ පනත් කෙටුම්පත මගින් දික්කසාද නඩු සම්බන්ධයෙන් විදේශීය අධිකරණවල ලබා දෙන තීන්දු ශ්‍රී ලංකාවේ අධිකරණවල පිළිගැනීමට ද ඉඩ ලබා දෙන බව ඔහු පැවසීය.

ඊයේ සම්මත වූ සිවිල් නඩු විධාන සංග්‍රහයේ (සංශෝධන) පනත් කෙටුම්පතට විද්‍යුත් තැපෑල සහ වට්ස්ඇප් වැනි විද්‍යුත් ක්‍රම හරහා දැනුම් දීමේ විධිවිධාන ඇතුළත් බව ඇමැතිවරයා කීය.

දික්කසාද නඩු වලදී අනෙක් පාර්ශ්වය විදේශ රටවල සංක්‍රමණය වී ඇති බැවින් වගඋත්තරකරුවන්ට නොතීසි ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් ප්‍රායෝගික ගැටලු මතුව ඇති බව ද අධිකරණ අමාත්‍යවරයා පැවසීය.

Related Posts