තේරීම් කාරක සභාවට ආණ්ඩුවේ-විපක්ෂයේ මන්ත්‍රීවරු 12ක්
- Editor
- January 19, 2022
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ තේරීම් කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (19) පත් කරනු ලැබීය.
පාර්ලිමේන්තුවේ කමිටු පත් කිරීම ඇතුළු බොහෝ කටයුතු තීරණය කරනු ලබන්නේ තේරීම් කාරක සභාව විසිනි. මේ අනුව එම කාරක සභාවට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු දොළොස් දෙනෙක් පත් කරනු ලැබ සිටිති.
නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් පුනාන්දු, ඩග්ලස් දේවානන්ද, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක ,රවුෆ් හකීම්, විජිත හේරත් සහ සෙල්වම් අඩෙක්කලනාදන් එම සාමාජික මන්ත්‍රීවරු වෙති.
මෙම තේරීම් කාරක සභාව සඳහා සාමාජික මන්ත්‍රීවරුන් 12 දෙනා පත් කිරීම සඳහාවූ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඊයේ පස්වරුවේ සම්මත විය.

